විදුලි කප්පාදුවක්..

electricity

මාර්තු මාසය වන විට මෙරට තුළ විදුලි කප්පාදුවක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. 

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ගෙන්වීම අඛණ්ඩව සිදු වුවහොත් මෙම තත්ත්වය වැළැක්විය නොහැකි වනු ඇති බවයි.

මෑතකදී දිවයිනට ළඟා වූ ගල්අඟුරු නෞකා තුන අතුරින් පළමු නෞකාවේ අඩංගු වූ ගල්අඟුරු බාල මට්ටමක පවතින බව මේ වන විටත් තහවුරු වී ඇත.

අනෙක් නෞකා දෙකෙහි අඩංගු ගල්අඟුරු සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරවල විදුලි උත්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස අඩුවන අතර, එම අඩුව පිරවීම සඳහා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් ඉහළ මිලකට විදුලිය මිලදී ගැනීමට රජයට සිදුවේ.

පවතින මෙම අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරියේදී යළිත් විදුලි කප්පාදුවක් කරා රට තල්ලු වීමේ බරපතළ අවදානමක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *