දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ.
ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරය.
නව නමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂකවරුන් 7 දෙනෙකු පත් කර දැනට කළමනාකාර භාරයකින් පාලනය වන දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පහක් මෙම සමාගම යටතට පත් කිරීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම ඊයේ දිනයේදී පැවැත්විණි.
ඒ සඳහා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුනිල් බියන්විල, රාජ්‍ය ආයතන නිලදාරීන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කණ්ඩායම්ද සහභාගී වී තිබේ.
මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් සෘජුවම අමාත්‍යවරයාට දන්වා ඇත්තේ මෙම වෙළෙඳ ව්‍යාපාර වසර 35කට වඩා වැඩි කාලයක් විසින් වෙළෙන්දන් විසින් පවත්වාගෙන ආ ආයතනයක් බවය.
